“ජනපති ෂී ජින් පිං ප්‍රිය කරන උධෘත” නමැති වැඩසටහනේ තුන්වැනි මාලාව පේරු රාජ්‍යයේ ප්‍රධාන මාධ්‍යයන් හි විකාශය කෙරේ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලීමා නගරයේ පැවැත්වෙන එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද මෙම වැඩසටහනේ තුන්වැනි මාලාවේ ස්පාඤ්ඤ අනුවාදය එළිදැක්වීමේ උත්සවය ඊයේ (15) ලීමා හි පැවැත්විණ.
පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ ආකාරයෙන් පේරු හි වැඩසටහන විකාශනය කිරීම පිළිබඳව සුබ පැතුම් පණිවිඩයක් පළ කළාය. පේරු හි දේශපාලන, ආර්ථික, සංස්කෘතික, මාධ්‍ය, ශාස්ත්‍රීය සහ වෙනත් ක්ෂේත්‍රවලින් නියේජිතවරු 200 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා උත්සවයේ දේශනයක් පැවැත්වීය. චීන මාධ්‍ය සමූහයේ මෙම ඉහළ පෙළේ වැඩසටහන පාරිසරික ආරක්ෂාව, සංස්කෘතික උරුමය සහ නවීකරණයේ සංවර්ධනය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන අතර චීනයේ සාම්ප්‍රදායික දෘෂ්ටිවාදාත්මක ජයග්‍රහණ සහ නවීන රාජ්‍ය පාලන උපාය මාර්ග ලෝකයේ ජනතාවට හඳුන්වා දෙන බව ඔහු පැවසීය. මෙම වැඩසටහන චීන සහ පේරු ජනතාව අතර අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.