රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ (15) ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා සමඟ දුරකථන සාකච්ඡාවක් පැවත්වීය. යුක්රේනයේ තත්ත්වය, රුසියාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මැදපෙරදිග තත්ත්වය වැනි කරුණු පිළිබඳව එහි දී දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.
රුසියානු ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ පළ වූ පුවතට අනුව, 2022 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු දෙපාර්ශ්වය අතර සිදු වූ පළමු දුරකථන සාකච්ඡාව මෙයයි. යුක්රේනයේ තත්ත්වය ගැන සඳහන් කරමින් පුටින් මහතා පැවසුවේ වත්මන් අර්බුදය "නේටෝවේ දිගුකාලීන ආක්‍රමණශීලී ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිඵලයක්" බවයි. රුසියාව සහ යුක්රේන ගැටුම දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් විසඳා ගැනීම රුසියාව කිසිවිටෙක ප්‍රතික්ෂේප කර නොමැති බවත් නැවත සාකච්ඡා ආරම්භ කිරීම පිළිගන්නා බවත් පුටින් මහතා පැවසීය. රුසියාව සහ ජර්මනිය අතර සබඳතාවේ වත්මන් තත්ත්වය ගැන සඳහන් කරමින් පුටින් මහතා කියා සිටියේ ජර්මනිය උනන්දු වන්නේ නම් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයක් ඇති කර ගැනීමට රුසියාව කැමැත්තෙන් සිටින බවයි.