චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ළඟා වෙයි. එහි වේලාවෙන් 14වැනිදා සවස හෙතෙම විශේෂ ගුවන් යානයකින් එහි ළඟා විය.
පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මියගේ ආරාධනයකට අනුව, ෂී ජින් පිං මහතා 13වැනිදා සිට ලබන 17වැනිදා දක්වා ලීමා නගරයේ පැවැත්වෙන එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගි වන අතර එරට නිල සංචාරයක නිරත වීමට ද නියමිත ය.
චීන ජනාධිපතිවරයාගේ ගුවන් යානය ලීමා අගනගරයේ Callao ගුවන් කඳවුරට පැමිණි විට පේරු අමාත්‍ය මණ්ඩලයේ සභාපති Gustavo Adrianzén ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව චීන ජනාධිපතිවරයා පේරු රජය හා ජනතාව වෙත සුභාශිංසනය පිරිනමමින් ලිඛිත කතාවක් පළ කළේ ය. චීනය හා පේරු රාජ්‍යය අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතින බවත්, මෑත වසරවල ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත්,හෙතෙම සිය ලිඛිත කතාවෙන් කියා සිටී. චීන-පේරු විස්තීර්ණ උපාය මාර්ගික සබඳතා වඩාත් ඉහළ තලයකට ගෙන යාම සඳහාත්, විවිධ ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතා සරු ප්‍රතිඵල සහිතව වඩාත් තහවුරු කිරීම සඳහාත්, මෙවර පේරු සංචාරය ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන් ම එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක්වීමෙන් විවිධ පාර්ශ්වයන් සමග එක්ව පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් පොදු හවුල ගොඩ නැගීම වෙනුවෙන් වඩාත් ක්‍රියාශීලිව කටයුතු කරනු ඇති බවට චීන ජනාධිපතිවරයා සිය ලිඛිත කතාවෙන් බලාපොරොත්තුව පළ කර තිබේ.