තායිවාන ප්‍රදේශයේ ඊනියා නායකයාට "ඇමරිකාවේ සංචාරයට" ඉඩ නොදෙන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-11-15 18:30:03
Share with:

චීන-ඇමරිකානු සබඳතාව සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය ඇමරිකා පාර්ශ්වයෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීනයේ තායිවාන ප්‍රදේශයේ නායකයා ඇමරිකාවේ ඊනියා "සංචාරය කිරීම" සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, ඇමරිකාව මෙවැනි "සංචාරය" සංවිධානය කිරීමට චීනය සැමවිටම දැඩි ලෙස විරෝධය පළ කරන බවයි.

එකම චීනය යන මූලධර්මයට සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ තුනේ විධිවිධානවලට අවනත වන ලෙසත්, තායිවාන ප්‍රදේශයේ ඊනියා නායක ලායි කිංඩේ ට "ඇමරිකාවේ සංචාරයට" ඉඩ නොදෙන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම