ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල සහයෝගතා සංගමය පිහිටුවේ
2024-11-15 10:38:16
Share with:

ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල සහ‍යෝගතා සංගමය, චීනයේ නන්ජිං නගරයේ ස්ථාපිත කෙරේ. ඒ, ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල දෙවන සංවාදය ආරම්භ වීම නිමිත්තෙනි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්, චීන මාධ්‍ය සමූහය, චීන සමාජ ඇකඩමිය, ට්සිංහුවා විශ්ව විද්‍යාලය, ෆූදාන් විශ්ව විද්‍යාලය, චීන රෙන්මින් විශ්ව විද්‍යාලය හා දෙස් විදෙස් බුද්ධි බැංකු හා විශ්ව විද්‍යාල 200ක පමණ මුලපිරුමෙන් එය ස්ථාපිත කෙරිණ. 

රුසියාවේ Kazan හි පැවති ‘බ්‍රික්ස්+’ නායකයින්ගේ සංවාදයේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ වැදගත් මුලපිරුම් ක්‍රියාවට නංවමින්, විවිධ රටවල් අතර මානව හා සංස්කෘතික අදහස් හුවමාරු සහ රාජ්‍ය පාලන අත්දැකීම් පිළිබඳ අන්‍යෝන්‍ය අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීම එම ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල සහයෝගතා සංගමයේ පරමාර්ථය වේ. 

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව යන රටවල ද ඇතුළුව 100කට වැඩි නවීන වෙළඳපොල හා සංවර්ධනය වෙමින් පවතින රටවල බුද්ධි බැංකුවල විද්වත්හූ, දේශපාලන පක්ෂවල නියෝජිතවරු ඇතුළු 400කට වැඩි පිරිසක් එම සංගමය ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම