පේරු වේලාවෙන් 14 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය එක්ව ලීමා හි වීඩියෝ ආකාරයෙන් Chancay වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඒ සම්බන්ධයෙන් අදහන් දැක්වීය.
Chancay වරාය, චීනය සහ පේරු එක්ව“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ වැදගත් ව්‍යාපෘතියක් වන අතර එය දකුණු ඇමරිකාවේ පළමු සුහුරු වරාය සහ හරිත වරාය ද වන බව ඔහු පැවසීය.
සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් වූ පසු, Chancay වරාය, ආසියාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධ කරමින් ගොඩබිම සහ මුහුද සම්බන්ධ කෙරෙන ද්වාරයක් ලෙස පේරු හි තත්ත්වය ඵලදායීව තහවුරු කර ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල සමස්ත සංවර්ධනය හා ඒකාග්‍රතාවය මෙහෙයවනු ඇත.
රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එකඟතාවයෙන් චීන මාර්ගෝපදේශයන් භාවිත කරන බවත්, Chancay වරාය විධිමත්ව ගොඩනඟා කළමනාකරණය කිරීමට පේරු රාජ්‍යය සමඟ කටයුතු කරන බවත්, එමඟින් පේරු සහ ලතින් ඇමරිකානු මෙන්ම කැරිබියන් රටවල් විශාල සංඛ්‍යාවක සෞභාග්‍යය සහ සතුට සඳහා මාර්ගයක් බවට පත් වනු ඇති බවත් Lin Jian මහතා පැවසීය.