ගෝලීය කාලගුණ පාලනය සම්බන්ධයෙන් චීනය ලබා දෙන දායකත්වය සමීක්ෂණයකට එක්වූ බහුතර පිරිසක් අගය කරති
2024-11-15 10:55:16
Share with:

ගෝලීය කාලගුණ පාලනය සම්බන්ධයෙන් චීනය ලබා දෙන දායකත්වය සමීක්ෂණයකට එක්වූ සියයට 80කට අධික පිරිසක් අගය කරති. 

කාලගුණ වෙනස්වීමෙන් මතුවන අභියෝග රාශියක් සහ තර්ජනයන්ට මුහුණදීමට චීනය ශක්තිමත් ක්‍රියාමාර්ග ගනිමින් ගෝලීය කාලගුණ පාලනය වෙනුවෙන්  වඩාත් වැඩි අනන්‍ය විසඳුම් ඉදිරිපත් කර  ඇත. CGTN නාළිකාව, රෙන්මින් විශ්ව විද්‍යාලය සහ නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ ආයතනය එක්ව සිදු කළ සමීක්ෂණයට අනුව ඊට එක්වූ අයගෙන් සියයට 83.5 ක පිරිසක් ගෝලීය කාලගුණ පාලනය වෙනුවෙන් චීනය ලබා දී ඇති දායකත්වය ධනාත්මකව අගය කර ඇත. ඔවුන් විශ්වාස කරන්නේ පිරිසිදු සහ සුන්දර ලෝකයක් ගොඩනැංවීමේ ඒකාබද්ධ උත්සාහයන්ට චීනය  සිය ශක්තිමත් පියවර තුළින් විශ්වාසය හා ජවය එන්නත් කර ඇති බවයි. 

රටවල් 38කින් 7658 දෙනෙක් සමීක්ෂණයට එක්වූහ. හරිතාගාර වායු විමෝචනය පාලනයේ දී චීනය ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි සමීක්ෂණයට එක්වූ සියයට 83.5ක පිරිසක් විශ්වාස කරති. පිරිසිදු බලශක්ති යටිතල පහසුකම් ප්‍රවර්ධනයෙන් චීනය ජගත් ප්‍රජාවට ආදර්ශයක් වී ඇතැයි සියයට 80.3ක පිරිසක් පවසති. සාම්ප්‍රදායික කර්මාන්ත හරිත පරිවර්තනයක් වෙනුවෙන් චීනය ගන්නා උත්සාහයන්ට සියය‌ට 80.2 ක පිරිසක් සිය එකඟතාව පළ කරති. හරිත ආවරණය වර්ධනය හා වන අනුපාතය වර්ධනය වෙනුවෙන් චීනය ගන්නා උත්සාහයන් සියයට 85.4 පිරිසකගේ ඇගයීමට ලක්ව ඇත. පිරිසිදු බලශක්ති භාවිතය වර්ධනයට චීනය ගෙන ඇති වේගවත් උත්සාහයන් තුළින් ගෝලීය කාලගුණ වෙනස්වීම වෙනුවෙන් ක්‍රියා කිරීමේ අභිලාෂය පිළිබිඹු වන බව සමීක්ෂණයට එක්වූ සියයට 82.4ක පිරිසක් සඳහන් කරති. සමීක්ෂණයට සංවර්ධිත රටවල් වන ඇමරිකාව, ජර්මනිය සහ ජපානවය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වන ආජන්ටිනාව ,ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවලින් අදාළ පිරිස් සමීක්ෂණයට එක්වූහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම