එපෙක් සංවිධානයේ ඇමති මට්ටමේ සමුළුව පැවැත්වෙයි
2024-11-15 19:18:26
Share with:

එපෙක් සංවිධානයේ ඇමති මට්ටමේ සමුළුව පැවැත්වෙයි. ඊයේ(14) පේරු ජනරජයේ ලීමා නගරයේ දී එම සමුළුව පැවැත්විණ. එහි මුලසුන එරට විදේශ ඇමති Elmer Schialer Salcedo මහතා හා විදේශ වෙළඳාම හා සංචාරක කටයුතු පිළිබඳ ඇමතිනි Úrsula León මහත්මිය එක්ව දැරූහ. එපෙක් සංවිධානයට අයත් ආර්ථික ඒකකයන් 21කේ ඇමතිවරු බහුපාර්ශ්වීය සහයෝගිතා හා වෙළඳ ප්‍රතිපත්තීන් සාකච්ඡවට ලක් කළහ.

‘සවිය සැපයීම, සහභාගීත්වය, වර්ධනය’ යන ප්‍රධාන තේමාව යටතේ නව සහයෝගිතා මුලපිරුම් සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කළහ. කලාපීය ආර්ථික ඒකීයකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම, එපෙක් සංවිධානය වෙළඳාම, ආයෝජන, නවෝත්පාදන, ඩිජිටල්කරණය සහ තිරසර ආර්ථික වර්ධනය පිළිබඳ සහයෝගිතා තහවුරු කිරීම එම මුලපිරුම්වලට අන්තර්ගත ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම