සිරියාව සහ ලෙබනනය වෙත ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරයි
2024-11-15 11:04:26
Share with:

සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඇතැම් නේවාසික ගොඩනැගිලිවලට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙකු මිය ගොස්  තවත් 16 දෙනෙකු තුවාල ලැබූ බව සිරියානු හමුදාව ඊයේ(14) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

2011 වසරේ දී සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසුව, ඉරාන හමුදා ස්ථානවලට පහර දීමේ මුවාවෙන්, ඊශ්‍රායල හමුදා මෙලෙස සිරියාවේ ඉලක්ක වෙත නිරන්තරයෙන් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් යළිත් ආරම්භ වීමෙන් පසුව, ඊශ්‍රායලය සිරියාවේ ඉලක්ක වෙත වැඩි වශයෙන් ප්‍රහාර දියත් කිරීමට පියවර ගෙන ඇත.

වෙනත් වාර්තාවන්ට අනුව, ඊශ්‍රායලය නැගෙනහිර සහ දකුණු ලෙබනනය වෙත ද ඊයේ(14) ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තවත්  9 දෙනෙකු තුවාල ලබා ඇත.

ලෙබනන් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය 14 වැනිදා නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් හේතුවෙන්, පසුගිය වසරේ ඔක්තෝබර් මස මුල සිට ලෙබනනයේ පුද්ගල මරණ 3,386ක් සිදුව තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම