සිය මෙවර සංචාරයෙන් චීන පේරු උපාය මාර්ගික සබඳතා නව මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.දෙපාර්ශ්වයේ ඒකාබද්ධ උත්සාහයන් යටතේ දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සබඳතා වඩාත් වැඩි ජයග්‍රහනයන් වෙත ප්‍රවේශ කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම අපේක්ෂා පළ කරයි.
පේරු රාජ්‍යයට ඊයේ (14) පැමිණි අවස්ථාවේදී ලිඛිත දේශනයක් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මියගේ ආරාධනයෙන් පේරු රාජ්‍යයට යළි පැමිණීමට ලැබීම සහ එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගීවීමට ලැබීම කෙරෙහි තම ඉතා සතුටු වන බව ද ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් සඳහන් කරයි.
චීන රජය හා ජනතාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා පේරු රජයට හා ජනතාවට සිය හෘදයාංගම සුබ පැතුම් ද පළ කළේය. චීනය හා පේරු රාජ්‍යය දිගු කාලීන මිත්‍රත්වයකට හිමිකම් කියයි.වසර 400කට අධික ඉතිහාසයේ සිට දෙරටේ ජනතාව මුහුදු සේද මාවත සහ මැනිලා ගැලියොන්ස් හරහා මිත්‍ර හුවමාරු සිදු කර ඇත.දෙරට වසර 53කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ අතර චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ ලතින් ඇමරිකා රටවල් අතරින් මුල්ම රටක් වන්නේද පේරු රාජ්‍යයයි.
මෑත වසරවල දෙරටේ විවිධ ක්ෂේත්‍රවල ඒකාබද්ධ උත්සාහයන් මගින් චීන පේරු සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති අතර දේශාපලන විශ්වාසයද ඉහළ ගොස් ඇතැයි ෂී ජින්පිං මහතා කියා සිටී. චීනය පේරු රාජ්‍යයේ විශාලතහ වෙළඳ හවුල්කරුවා සහ ගෙවුනු වසර 10 පුරාවට විශාලතම අපනයන වෙළඳපොළයි. චීන පේරු සබඳතා ,විවිධ ක්ෂේත්‍රයප ප්‍රයෝගික සබඳතා සහ ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් පේරු ජනාධිපතිනිය සමග ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටී. එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගී වෙමින් විවෘත ආසියා පැසිෆික් ආර්ථිකයක්,ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය සහ පොදු අනාගතයක් සහිත ආසියා පැසිෆික් ප්‍රජාවක් ගොඩ නැංවීම වෙනුවෙන් සියලු පාර්ශ්ව සමග ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවද චීන ජනාධිපතිවරයා කියයි.