චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ‘ජනගහනයේ ගුණාත්මක සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණය තහවුරු කිරීම’ නැමැති ලිපිය හෙට(16) ප්‍රකාශයට පත් කෙරෙන ‘Qiushi’ සඟරාවේ 22 කලාපය ඔස්සේ එළි දැක්වෙයි.
නව යුගයේ ජනගහන කාර්යයන් නිසි ලෙස පවත්වා ගෙන යා යුත්තේ නව යුගයේ චීන ලක්ෂණයන් සහිත සමාජවාදී චින්තනයන් මත පදනම් කර ගනිමින් බව එම ලිපියේ අන්තර්ගතය. ජනගහනයේ ඉහළ මට්ටමේ සංවර්ධනය ආර්ථිකයේ හා සමාජයේ ගුණාත්මක සංවර්ධනය තහවුරු කළ යුතු අතර, පද්ධතිමය සංකල්පවලින් ජනතාවගේ සංවර්ධනය සැලසුම් කළ යුතු ය. එමෙන් ම, නවෝත්පාදන ඔස්සේ ජනගහන සංවර්ධනය ඉහළ මට්ටමෙන් සහතික කළ යුතු අතර, පූර්ණ ශක්‍යතාවන්ගෙන් පිරිපුන් මිනිස් සමාජයක් බිහි කළ යුතු ය. තවද සමස්ත ජනතාවගේ පොදු සමෘද්ධීන් තවදුරටත් ඉහළ නැංවිය යුතු බවත් චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.