චීනය හා ලතින් ඇමරිකාව අතර සහයෝගීතාව, කලාපීය රටවල පුළුල් පැසසුමට හා පිළිගැනීමට ලක් වන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
චීනය මුල සිටම අන්‍යෝන්‍ය ගරුකිරීම, සමානාත්මතාවය හා අන්‍යෝන්‍ය යහපත, විවෘතභාවය හා සහභාගීත්වය මෙන්ම පොදු ජයග්‍රාහී සහයෝගීතා යන මුලධර්මය මත, කොන්දේසි විරහිතව තෙවන පාර්ශවයන් ඉලක්ක නොකොට, ලතින් ඇමරිකානු රටවල් සමඟ මිත්‍ර සහයෝගි සබඳතා සංවර්ධනය කිරීමට සූදානමින් සිටින බව Lin Jian මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
චීන-ලතින් ඇමරිකා සහයෝගීතාව කලාපීය රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනයට ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන දී ඇති අතර කලාපීය රටවල් විසින් පුළුල් ලෙස එම සහයෝගිතා පිළිගෙන ඇතැයි ද හෙතෙම කියාසිටියේය.