ආසියානු ශාන්තිකර කලාපීය රටවලට වඩාත් පුළුල් ලෙස පොදු ප්‍රතිලාභ අත්කර දෙමින් විවිධ රටවල ජනතාවට වඩා ප්‍රත්‍යක්ෂ වාසි හිමිකර දීමට එපෙක් ඔස්සේ චීනය ගන්නා උත්සාහය ප්‍රශස්ත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා කියා සිටී.
ආර්ථික ඒකකයන්හි නායකයින් වසරක් පාසා සහභාගී වන ආසියා ෆැසිෆික් සහයෝගතා සමුළුව මෙවර පේරු රාජ්‍යයේ ලීමා හි දී පැවැත්වේ. ලෝකයේ ශාන්තිකර සාගරය වටා ඇති අතිශයින් වැදගත් සියලු රටවල් ඊට සහභාගී වී සිටී. චීනය, රුසියාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් රාශියක නායකයින් ඒකරාශී වෙමින් ශාන්තිකර සාගරය වටා ඇති ප්‍රධාන රටවල්හි ආර්ථික සහයෝගතාව සහතික කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වී ඇත. සවිබල ගන්වමින් සියල්ල ඇතුළත් සංවර්ධනයක් කරා යා යුතුය යන්න මෙවර සමුළුවේ තේමාව අනුව මෙම කලාපයේ කිසිදු රටක් අත් නොහැර එක් කරගනිමින් සංවර්ධනය කරා යාමට එපෙක් සමුළුව කැප වී ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මීට එක් වෙමින්, ඊට සමගාමීව රාජ්‍ය නායකයින් හමුවෙමින් සාකච්ඡා පැවැත්වීම සිදු කෙරෙන අතර එය ගෝලීය වශයෙන් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැංවීමේ සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පදනමක් සපයනු ඇති බව ද වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.
චීනය මෙම කලාපීය සහයෝගතාවය, එනම් මෙම ශාන්තිකර සාගර වළල්ලේ රටවල් අතර සහයෝගතාවය සංවර්ධනයට සහ ශක්තිමත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ඒ සමගම චීනය පේරු හි ප්‍රධාන වරායක් වන Chancay වරාය සංවර්ධනයට දායකත්වය ලබා දී ඇත. ගොඩබිම සහ මුහුද සම්බන්ධ කිරීමේ දී හා ආසියාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධ කිරීමේදීත් පේරු රාජ්‍යයේ පිහිටීමේ වාසි ඉන් තහවුරු කෙරෙන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මේ වරාය සංවර්ධනයත් සමග පැනමා ඇල හරහා නොගොස් ආසියාව හා ලතින් ඇමරිකාව අතර ගමනාගමනය වේගවත් කිරීමට හා වෙළඳාම මෙන්ම ආර්ථික ක්‍රියාව වේගවත් කිරීමට කටයුතු කරමින් සිටී. එය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ඉතා වැදගත් පියවරකි. චීනය ලතින් ඇමරිකානු රටවල් සමග ඉතා කිට්ටු සහයෝගතාවයක් ගොඩනඟමින් පවතින අතර චීනය පොදු අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාවක් ගොඩනඟා ගැනීමේ වැඩපිළිවෙළ ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේය.
2024 වසරේ එපෙක් හා සමාන්තරව විවිධ සාකච්ඡා සහ සංවාද පැවැත්වෙන අතර මෙම වැඩසටහන සමග චීනය ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී. මෙම සමුළුව හරහා පොදු අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා චීනය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වනු නොඅනුමාන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.