ෂී ජින් පිං මහතා සහ ලතින් ඇමරිකාව අතර පවතින ගැඹුරු බැඳීම
2024-11-14 20:19:21
Share with:

චීන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ දා සිට ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවලදී ලතින් ඇමරිකාවේ සංචාරයන්හි නිරත ව තිබේ. 

21 වන සියවසේ මුහුදු සේද මාවතේ ස්වභාවික දිගුවක් ලෙස ලතින් ඇමරිකාව "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ වැදගත් සහභාගිවන්නෙකු බවට පත්ව ඇත. එම වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැංවීම සහ චීන-ලතින් ඇමරිකානු සහයෝගිතා ගැඹුරු ලෙස සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ලතින් ඇමරිකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවලදී අවධාරණය කළේය.

මේ වන විට, ලතින් ඇමරිකාවේ හා කැරිබියන් කලාපයේ රටවල් 22ක් චීනය සමඟ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැංවීම පිළිබඳ සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

අනාගතය හමුවේ, පොදු ඉරණමක් සහිත චීන-ලතින් ඇමරිකා ප්‍රජාවේ සංවර්ධනය ‍ඒකාබද්ධව ප්‍රවර්ධනය කොට චීන-ලතින් ඇමරිකානු මිත්‍ර සබඳතා තහවුරු කිරීම සඳහා චීනය හා ලතින් ඇමරිකාව අඛණ්ඩව අත්වැල් බැඳ ගනිමින් ප්‍රයත්න දැරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම