චීන රජය Huangyan දූප‍ත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් නිර්ණය කිරීම සම්බන්ධයෙන් පිලිපීනයට දැනුම්දීමක්
2024-11-14 10:29:34
Share with:

චීන රජය Huangyan දූප‍ත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් නිර්ණය කිරීම සම්බන්ධයෙන් පිලිපීනයේ චීන තානාපති කාර්යාලය පිලිපීන විදේශ අමාත්‍යාංශයට දැනුම් දෙයි. පසුගිය දා පිලිපීනය “මුහුදු කලාප පනත” සහ “දූපත් සමූහයේ මුහුදු මාර්ග පනත” ඉදිරිපත් කළේය. පිලිපීනයේ චීන තානාපති හුවං ශි ලියෙන් මහතා ඊයේ (13) එම පනත් දෙක පිළිබඳව පිලිපීන විදේශ අමාත්‍යාංශයට දැඩි විරෝධය පළ කළේ ය. චීන රජය Huangyan දූප‍ත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් නිර්ණය කිරීම සම්බන්ධයෙන් ද ඔහු සිය ස්ථාවරය පැහැදිලි කළේ ය. චීනයේ එම පියවර පිලිපීනය ඉදිරිපත් කර ඇති  “මුහුදු කලාප පනත”ට නිසි ප්‍රතිචාරයකි. එය චීන රජය නීත්‍යනුකූල ව සාගර පාලනය ශක්තිමත් කිරීමේ ක්‍රියාවකි. දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය රැක ගැනීම ‍සඳහා එහි තත්ත්වය සංකීර්ණ කිරීමේ හා ගැටුම් උග්‍ර කිරීමේ ඒකපාර්ශ්වික ක්‍රියා නතර කරන ලෙස චීන තානාපතිවරයා පිලිපීන පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත. සිය භෞමික ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතීන්හී ආරක්ෂාව වෙනුවෙන් චීනය පිලිපීනයේ ක්‍රියාකලාප සලකා බලා තවත් අවශ්‍ය පියවර ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම