මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා
2024-11-14 16:29:17
Share with:

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බව පොලීසිය සඳහන් කියා සිටී.

කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා මඟින් නිරීක්ෂණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ තොරතුරු දැනුම්දීම සඳහා 0112 42 11 11, 0112 027 149 සහ 0112 013 244 යන විශේෂ දුරකථන අංක කිහිපයක්ද ක්‍රියාත්මකය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම