චීනය, ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය අතර භාණ්ඩ වෙළඳාම අඛණ්ඩව වේගවත් වර්ධනයක් පවත්වාගෙන යනු ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය.
චීනය, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ වැදගත් වෙළඳ හවුල්කරුවෙකු වන අතර එම කලාපයේ වේගයෙන්ම වර්ධනය වන අපනයන වෙළෙඳපොළ බවට පත් ව තිබේ. ලතින් ඇමරිකාව සහ කැරිබියන් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසම විසින් පසුගිය දා නිකුත් කරන ලද “ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ 2024 සඳහා වන ජාත්‍යන්තර වෙළඳ දැක්ම” වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණ චීනය සහ ලතින් ඇමරිකාව හා කැරිබියන් කලාපය අතර සබඳතා වර්ධනය සඳහා වටිනාකම් දිශානතිය බව මේ පිළිබඳව අදහස් දක්වමින් Lin Jian මහතා පැවසීය. මෙම වසරේ මුල් කාර්තු තුන තුළ දෙපාර්ශවය අතර භාණ්ඩ වෙළෙඳ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 427.4 දක්වා ළඟා වූ අතර එය වසරින් වසර 7.7%ක වර්ධනයකි. දැනට චීනයට එම කලාපයේ නිදහස් වෙළඳ හවුල්කරුවන් පස් දෙනෙකු සිටී. චීනය, ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපය, එකිනෙකා සංවර්ධන අවස්ථා ලෙස සලකන අතර ද්වීපාර්ශ්වීය ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ භාණ්ඩ වෙළඳාම අඛණ්ඩව වේගවත් වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි විශ්වාස කරන බව Lin Jian මහතා පැවසීය.