චීන ජනපති පේරු රාජ්‍යයේ මාධ්‍ය ඔස්සේ සිය අත්සන සහිත ලිපියක් පළ කරයි
2024-11-14 14:21:26
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍යයේ El Peruano පුවත්පත ඔස්සේ අත්සන සහිත ලිපියක් පළ කරයි. ‘චීන පේරු මිත්‍රත්වයේ නෞකාව දීර්ඝ ගමනක් සහිත සංචාරයකට රැගෙන යා යුතුය’ යන්න අද(14) පළ කෙරුණු එම ලිපියේ  තේමාවය. පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙමින් ලීමා නගරයේ පැවැත්වෙන එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර හෙතෙම මෙම ලිපිය පළකර තිබේ. 

පේරු රාජ්‍යය නව චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගූ ප්‍රථම ලතින් ඇමරිකානු රටවල්වලින් එකක් බවත් ගෙවී ගිය අඩසියවසක් තුළ චීන පේරු සම්බන්ධතාව ස්ථාවරව ඉදිරියට වර්ධනය වී තිබෙන බවත් ෂී ජින්පිං මහතාගේ ලිපියේ සඳහන් වේ. චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් මාලාවකට අත්සන් තැබූ ප්‍රථම ලතින් ඇමරිකානු රට වන පේරු රාජ්‍යය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට එක්වූ මුල්ම ලතින් ඇමරිකානු රටවල් අතර ද වේ. චීනය වසර දහයක් පුරා අඛණ්ඩව පේරු රාජ්‍යයේ විශාලතම වෙළඳ හවුල්කරුවා හා විශාලතම අපනයන වෙළඳපොල වන අතර පසුගිය වසරේ පේරු රාජ්‍යය චීනයට සිදු කළ අපනයනය එරටේ සමස්ත අපනයනයෙන් සියයට 36ක් ගැනීම විශේෂත්වයකි.

මෙවර සංචාරය තුළදී තමා Dina Boluarte ජනාධිපතිනිය සමග වීඩියෝ තාක්ෂණයෙන් Chancay වරාය විවෘත කිරීමේ උළෙලට එක් වනු ඇතැයි ෂී ජින්පිං මහතාගේ ලිපි‍ය සඳහන් කරයි. එම වරාය චීනය හා පේරු රාජ්‍යය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ එක්ව සංවර්ධනය කිරීමේ වැදගත් ව්‍යාපෘතියක් වන අතර එය දකුණු ඇමරිකාවේ ප්‍රථම සුහුරු වරාය ද වනු ඇත. දෙපාර්ශ්වය Chancay වරායේ ඉදිකිරීම හා කළමනාකරණය මනා ලෙස සිදු කරමින්, ‘Chancay සිට ෂැංහයි’ දක්වා චීන-පේරු හා චීන-ලතින් ඇමරිකානු පොදු සංවර්ධනය හා සමෘද්ධිය පිළිබඳ  මාවතක් බිහි කිරීමට අපේක්ෂා කරන බව  ද එම ලිපියේ දැක්වේ.

එමෙන්ම ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යයනය කිරීම පිළිබඳ, යුගයේ වගකීම දරා ගෙන, දෙරට සංස්කෘතිය, කලාව, අධ්‍යාපනය, විද්‍යා පර්යේෂණය, සංචාරය, තාරුණ්‍යය, සංස්කෘතික උරුම සුරැකීම හා පුරාවස්තු ගවේෂණය යන ‍ක්‍ෂේත්‍රවල අදහස් හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.

  වසර 2008 හා 2016යේ එපෙක් සංවිධානයේ නායකයින්ගේ නිල නොවන සමුළු දෙවරක් සාර්ථකව පවත්වා ඇති පේරු රාජ්‍යය, මෙවර තුන්වන වරට මෙම වැදගත් සමුළු අවස්ථාවට සත්කාරකත්වය ලබා දෙයි. පේරු රාජ්‍යයේ සත්කාරකත්වයට ස්ථිර ලෙස සහාය දක්වන චීනය, සමුළුව සක්‍රිය ප්‍රතිඵල අත්කර ගනිමින් පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීම පෙළඹවීම සඳහා පේරු පාර්ශ්වය සමග එක්ව නව කැපකිරීමක් සිදු කිරීමට සූදානම්ය.

එසේම සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කරමින්, සමානාත්මතාවෙන් යුතු විධිමත් ලෝක බහුධ්‍රැවීකරණය හා පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යාමට පේරු රාජ්‍යය සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමට ද අපේක්ෂා කෙරේ. ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම මනා ලෙස ක්‍රියාවට නංවමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට චීනය හා පේරු රාජ්‍යය පොදුවේ ප්‍රයත්න දැරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ෂී ජින්පිං මහතාගේ  ලිපිය අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම