ඇමරිකාවේ ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රාජ්‍ය ලේකම් ඇතුළු වැදගත් තනතුරු කිහිපයක් සඳහා අපේක්ෂකයින් නම් කරයි.
ඊයේ (13) ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රාජ්‍ය ලේකම් ධුරය සඳහා ඔහුගේ අපේක්ෂකයා ලෙස ෆ්ලොරිඩා ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට් සභික Marco Rubio මහතා නම් කළේය. ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස හිටපු ඩිමොක්‍රටික් කොංග්‍රස් සභික Tulsi Gabbard මහත්මිය නම් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය. ඇමරිකාවේ නීතිපති අපේක්ෂකයා ලෙස ෆ්ලොරිඩා ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් නියෝජිත Matt Gaetz මහතා නම් කෙරිණ.
පසුගිය 12 වැනිදා, FOX රූපවාහිනයේ වැඩසටහන් ඉදිරිපත් කරන‍්නෙකු වන Pete Hegseth මහතා ඇමරිකාවේ ආරක්ෂක ලේකම් අපේක්ෂකයා ලෙසට ට්‍රම්ප් මහතා විසින් නම් කරන ලදී. ජනපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහය දැක්වූ Elon Musk මහතා ද රජයේ නව දෙපාර්තමේන්තුවක ප්‍රධානත්වය දරනු ඇතැයි ද වාර්තාවේ.