10 වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසුම පැවැත්වෙයි
2024-11-14 16:26:07
Share with:
10 වන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු අද (14) පෙරවරු 7.00ට ආරම්භ විය.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙන බවයි.
ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබේ.
මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පැවසීය.