චීනය බහුපාර්ශ්වවාදය වෙනුවෙන් දක්වන ඉහළ සැලකිල්ල මෙවර APEC සමුළුව හා G20 සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහභාගීවීම තුළින් පිළිබිඹු වන බව සමාජ සවිබලගැන්වීම හා සුබ සාධන කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. චීනය දශක කිහිපයක් පුරා ගෝලීය ආර්ථික එන්ජිමේ ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත්ව ඇත. ස්ථාවර හා කාර්යක්ෂම නිෂ්පාදන ධාරිතාව, ප්‍රත්‍යාස්ථතාව, විශාල දේශීය වෙළඳපොල, චීන ජනතාවගේ නව නිපැයුම් වැනි සාධක ගෝලීය කර්මාන්ත හා සැපයුම්දාමයේ තීරණාත්මක මෙහෙවරකට දායක වී ඇත. චීනය ගෝලීය බහුවේදිකා තුළින් ආර්ථික, දේශපාලන හා සාමාජීය සහයෝගතාවන් ශක්තිමත් කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. 70 දශකයේ පමණ සිට ලෝකය බහුපාර්ශ්වවාදය පෙරටු කරගත් ගමනක නිරතවෙමින් සිටී. එය ඉදිරියටත් පවත්වාගෙන යාම වෙනුවෙන් චීනය පෙනී සිටීම අගය කළ යුතු බවද හෙතෙම කියා සිටී. ආසියා පැසිෆික් කලාපය යනු ලෝකයේ විශාල ආර්ථික හැසිරීමකට දායකවන කලාපයකි. එහි නායක සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගීවීමෙන් චීනය මෙම කලාපයේ ප්‍රධානතම ආර්ථික ඒකකය වශයෙන් ඊට ලබා දෙන ශක්තිමත් දායකත්වය යළි ඉස්මතුවීමක් ලෙසට ද පෙන්වා දිය හැකිය. චීනය හා අග්නිදිග ආසියා රටවල් සැමවිටම බහුපාර්ශ්වවාදයේ මූලධර්මයන් අනුගමනය කරමින් සිටී. එය කලාපයේ සීග්‍ර දියුණුවකට මග පාදා ඇත. මෙවර සමුළුව කෙරෙහි ද සුබවාදී අපේක්ෂාවන් තැබිය හැකිය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කර ඇති ගෝලීය සංවර්ධන මුලපිරුම සංකල්පය එපෙක් සහ ජී20 සමුළුවල න්‍යායාත්ම හරයන් හා ගැලපෙයි. මෙවැනි බලපෑම් සහගත සමූහයන්ගේ සාමූහිකත්වය තුළින් ලෝකයට නව ප්‍රවේශයන් ළඟා කර ගැනීමේ හැකියාව පවතින බවද හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සඳහන් කරයි. චීනය ගෝලීය අර්බුද හමුවේ ලෝක සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය වෙනුවෙන් සිදු කරන ආරාධනය වත්මන් කාලයට ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටී.