ආසියා ශාන්තිකර සහයෝගතාව වෙනුවෙන් චීනයෙන් වැඩි ශක්තියක් ලැබෙනු ඇතැයි සමීක්ෂණයකට එක්වූ බහුතර පිරිසක් අපේක්ෂා පළ කරති
2024-11-13 11:46:08
Share with:

ආසියා ශාන්තිකර සහයෝගතාව වෙනුවෙන් චීනය වැඩි ගම්‍යතාවක් ලබා දෙනු ඇතැයි CGTN මාධ්‍ය ආයතනය සිදුකළ සමීක්ෂණයකට එක්වූ බහුතර පිරිසක් අපේක්ෂා පළ කරති. ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගතාව හෙවත් එපෙක් සංවිධානය ස්ථාපිත කිරීමේ 35වන සංවත්සරය මෙම වසරට‍ යෙදීම හා 31වන එපෙක් නායකයන්ගේ එළඹෙන රැස්වීම පදනම්ව මෙම සමීක්ෂණය සිදු කෙරිණ.

ඊට එක්වූ ගෝලීය අන්තර්ජාල භාවිත කරන්නන්ගෙන් සියයට 86.4ක් කලාපීය ආර්ථික වර්ධනය සහ කලාපීය සහයෝගතා ප්‍රවර්ධනයේදී එපෙක් සංවිධානය ලබා ගෙන ඇති කැපී පෙනෙන ජයග්‍රහණ අගය කළහ. සමීක්ෂණයට එක්වූ සියයට 85.2 ක පිරිසක් පැවසුවේ රටවල් බහුපාර්ශ්වවාදය හා ආර්ථික ගෝලීයකරණයේ එල්බ සිටිය යුතු බවයි. එම රටවල් එක්ව ක්‍රියා කරමින් විවෘත ආර්ථිකයක් ගොඩ නැංවීම සහ කලාපීය සහයෝගතා රාමුවක් ‍‍ගොඩැනැංවිය යුතු බවට ද ඔවුහූ විශ්වාස කරති. සමීක්ෂණයේදී සියයට 93.7ක පිරිසක් හවුල් අනාගතයක් සහිත ආසියා ශාන්තිකර  ප්‍රජාවක් ගොඩ නැංවීම සහ කලාපයේ පොදු එකඟතාවන් වෙනුවෙන් සියළු පාර්ශ්ව එක්විය යුතු බවද සඳහන් කළහ. ගෝලීය දකු‍ණේ රටවලට සංවර්ධිත රටවලින් වැඩි සහයෝගයක් ලැබිය යුතු බවට විශ්වාස කරන පිරිස සියයට 88.5කි. CGTN නාළිකාව සිදු කළ මෙම සමීක්ෂණයට එක්වූ සියයට 90.1ක පිරිසක් සඳහන් කළේ ආසියා ශාන්තිකර කලාපයේ රටවල් නව  සංවර්ධන උපායමාර්ගික ක්‍රමවේදයන් වෙත ප්‍රවේශවිය යුතු අතර හරිත සංවර්ධනයේ එල්බ සිටීමද සිදු කළ යුතු බවයි.

පැය 24ක කාලයක් පුරා මෙම සමීක්ෂණය CGTN නාළිකාවේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියා භාෂා වේදිකාවල සිදු කෙරෙන අතර ගෝලීය අන්තර්ජාල පරිශීලකයෝ 6071ක පිරිසක් ඊ‍ට ප්‍රතිචාර දැක්වූහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම