ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි මානුෂීය සහන සපයන ආයතන සමග පුළුල් සහයෝගීතා ක්‍රියත්මක කරමින් එම ආයතනවල ආරක්ෂාව සහ පහසුව සහතික කළ යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ(12) ආරක්ෂක මණ්ඩලයේ පැවති සමුළුවකදී මේ බව සඳහන් කළේ ය.
පසුගිය වසර පුරාම ඊශ්‍රායලය අඛණ්ඩව ගාසා තීරයට බෝම්බ හෙලීම, රෝහල්, පාසල් සහ සරණාගත කඳවුරු වලට පහර දීම, ආහාර, ඖෂධ සහ ඉන්ධන සැපයුම් කපා හැරීම හේතුවෙන්, සිවිල් වැසියන් විශාල පිරිසක් අවතැන්වී ඇත. ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග හේතුවෙන් පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයක් මතුව තිබෙන අතර, මියගිය සිවිල් වැසියන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් වේ.
ගාසා තීරයේ මානුෂීය සහානාධාර පුළුල් කිරීමට පවතින විශාලතම අභියෝගය, මානුෂීය ප්‍රවේශය සීමා කිරීම මිස, ප්‍රමාණවත් ද්‍රව්‍යමය සැපයුමක් නොමැති වීම නොවන බව Fu Cong මහතා සඳහන් කළේ ය. භූමිය අත්කර ගෙන සිටින පාර්ශ්වය වශයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය යටතේ වගකීම් ඉටු කළ යුතු බවත්, මානුෂීය සහානාධාර කේවල් කිරීමේ චිපයක් ලෙස භාවිත නොකළ යුතු බවත්, Fu Cong මහතා එහිදී කියා සිටියේ ය.