ඉරාන හා රුසියානු බැංකු ගෙවීම් පද්ධති සම්බන්ධ කෙරේ. දෙරට බැංකු ගෙවීම් පද්ධති ඉකුත් 11වැනි දා නිල වශයෙන් සම්බන්ධ කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි. ඒ 2023 වසරේ දෙසැම්බර් මාසයේ දෙරට බැංකු අධිපතිවරුන් රුසියාවේ පැවති හමුවේදී එළඹි එකඟතාවකට අනුව ය.
ඉරානය හා රුසියාව අන්‍යෝන්‍ය වශයෙන් බැංකු ගෙවීම් පද්ධති සම්බන්ධ කිරීමෙන් පසු ඇමරිකානු ඩොලරයේ භාවිතය ඉවත් කර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව වඩාත් ශක්තිමත් කරනු ඇත. ඒ සඳහා අදියර 3ක් ක්‍රියාත්මක කෙරේ. පළමු අදියර යටතේ ඉරාන වැසියන්ට රුසියාවේදී සිය ඉරාන බැංකු කාඩ්පත් භාවිත කිරීමෙන් ATM යන්ත්‍රයෙන් රුසියානු මුදල් ගත හැකි ය. ඉරානයේ සිටින රුසියානු ජාතිකයන්ට සිය රුසියානු බැංකු කාඩ්පත් මගින් ATM යන්ත්‍රයෙන් ඉරාන මුදල් ගැනීම දෙවැනි අදියරයි. තුන්වැනි අදියරේ ඉරාන වැසියන්ට රුසියාවේ සාප්පුවලදී සිය ඉරාන කාඩ්පත්වලින් ගෙවීම් සිදු කළ හැකි වනු ඇත.