ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් 10 දෙනෙ‍ක්ගෙන් සමන්විත කණ්ඩායමක් මහ මැතිවරණය අධීක්ෂණයට
2024-11-13 15:57:07
Share with:

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙ‍ක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ඇරයුමකට අනුව ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, රුසියාව සහ නෙදර්ලන්තය නියෝජනය කරමින් එම පිරිස පැමිණ ඇත.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් දැකීම තම අපේක්ෂාව බව ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම කොළඹ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. නිරීක්ෂකයන් පිරිස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළ බවත්, මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ දිස්ත්‍රික්ක කීපයක ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඔවුන් නිරීක්ෂණ කටයුතු සිදු කරන බවත්, ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අධීක්ෂණය කරන බවත් එම කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම