ලබන වසරේ අයවැයෙන් ආහාර පාන කීපයක වැට් බදු ඉවතට
2024-11-12 15:05:35
Share with:

ලබන වසරේ අයවැයෙන් ආහාර පාන කිහිපයක වැට් බදු සම්පූර්ණයෙන් ඉවත් කරන බවත්, සෙසු භාණ්ඩ සඳහා වැට් සහ උපයන විට බද්ද සාධාරණ ප්‍රමාණයකින් අඩු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහ පැවති ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන රැලි මාලාවේ අවසන් ප්‍රචාරක රැළියට ඊයේ(11) එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

දෙසැම්බර් මාසයේ දී මාස 04ක කාලයක් සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. පෙබරවාරි අග වන විට නව අයවැයක් සම්මත කරගන්නා බව ද දිසානායක මහතා සඳහන් කළේය.

එම අයවැය ලේඛණයෙන් රටේ ආර්ථිකය නව දිසාවකට ගෙන යන අතර ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම