Guangdong පළාතේ Zhuhai නගරයේ පදිකයින් අනතුරට පත් කොට රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් චීන ජනපතිගේ අවධානය
2024-11-12 19:43:05
Share with:

චීනයේ Guangdong පළාතේ Zhuhai නගරයේ පදිකයින් අනතුරට පත් කරමින් රිය පැදවීමේ සිද්ධිය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය අවධානය යොමු කරයි.

තුවාලකරුවන් සඳහා පූර්ණ ප්‍රතිකාර කිරීමටත් අපරාධකරුවාට නීතියට අනුකූලව දැඩි දඬුවම් පැනවීමටත්, අවදානම් ප්‍රභවයන් වැළැක්වීම හා පාලනය ශක්තිමත් කොට මෙවැනි බරපතල සිද්ධීන් වැළැක්වීමට හැකි තරම් උත්සාහ දැරිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ඊයේ(11) රාත්‍රි දකුණු චීනයේ Guangdong පළාතේ Zhuhai නගරයේ Xiangzhou දිස්ත්‍රික්කයේ ක්‍රීඩා මධ්‍යස්ථානයේදී මෝටර් රථයක් පදිකයින් වෙතට කඩා වැදී ඇත. මේ වන විට ඉන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති අතර 43 දෙනෙක් බරපතල තුවාල ලබා සිටිති.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම