මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අදියර තුනක් යටතේ
2024-11-12 15:08:07
Share with:

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බවත් නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලීමක් කර ඇත.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු කෙරේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදු කෙරෙන අතර, දෙවනුව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණනය කෙරේ. අවසානයේදී එම ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තෝරා ගැණෙනු ඇත. වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත්කර ගැනීම ඉන් අනතුරුව සිදු කෙරෙන බව රත්නායක මහතා  පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම