සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එම කර්මාන්තවලට සහන ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහාය සහ මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධව ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද තීරණය කෙරිණ.
මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර එහි ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
මේ සඳහා ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සහභාගී වී තිබේ.