ගෙවුණු දශක කිහිපය තුළ විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් ලෝක ආර්ථික බලවතෙකු ලෙස නැගී ආ චීනය, වර්තමානය වන විට අත්කර ගෙන ඇති ප්‍රගතිය සමස්ත ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. නුදුරේදී පැවැත්වීමට නියමිත ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික සහයෝගීතාව පිළිබඳ වන APEC සමුළුව සහ ලෝක ආර්ථික සහයෝගීතාව සඳහා වන ප්‍රමුඛතම අන්තර් රාජ්‍ය සංසදය වන G20 සමුළුව නියෝජනය කිරීමට චීන රාජ්‍ය නායක ෂී ජින්පිං මහතාගේ තීරණය පැසසිය යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු සභානායක මෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ද වන ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
දීර්ඝ කාලයක් පුරා ලොව වැඩිම ජනගහනයක් නියෝජනය කළ රටක් ලෙස එම ජන ජීවිත ගොඩ නැංවීම සඳහා චීන රජය ඉටු කළ කාර්යභාරය ඉතා වැදගත්ය. රජයේ ප්‍රතිපත්තීන්ට අනුව දීර්ඝ කාලීනව ඉදිරිපත් කරනු ලබන සංවර්ධන සැලැස්ම තුළ වර්තමානය වන විට චීනයට තම රට තුළ දරිද්‍රතාව අවම කිරීමටත්, සෑම ජන කොට්ඨාශයකටම වඩා යහපත් ජීවන මට්ටමක් ලබා දීමටත් හැකියාව ලැබී ඇත.
ඒ අනුව එම අදහස් හුවමාරු කර ගනිමින් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ ශක්‍යතාව චීනය සතු වීම තුළ, පසුගියදා පැවති BRICS සමුළුව සහ මෙවර APEC සහ G20 සමුළුව තුළ චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වය වඩා වැදගත් ස්ථායක් බව ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී ඇත.
එහිදී තවත් පසෙකින් ආසියානු ශාන්තිකර කලාපයත්, තවත් පසෙකින් සමස්ත ලෝකයම නියෝජනය වීමත් ප්‍රායෝගිකව ඉහළ වටිනාකම් රැසක් අත්කර දෙනු ඇති බව හෙතෙම පෙන්වා දී ඇත. ඒ අනුව ආසියානු මෙන්ම ශාන්තිකර කලාපයේ සංවර්ධනය, ගෝලීය වශයෙන් ද අපේක්ෂා කරමින් ක්‍රියා කිරීමට මෙහිදී සියලු රාජ්‍ය නායකයින් තුළ විශේෂ පෙළඹවීමක් ඇති කෙරෙනු ඇති බව ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ අදහසයි.
එලෙස බලන කල මෙකී සමුළු වෙනුවෙන් චීනය ලබා දෙන මෙම දායකත්වය, ලොව ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් මනා රැකුලක් වනු ඇත. එනම් චීනය අත්කර ගෙන තිබෙන ප්‍රගතිය සහ ඔවුන් සතු අත්දැකීම්, සාමාජික රටවල් සමග හුවමාරු කර ගැනීමටත්, ඒ තුළින් ලෝකයේ ආර්ථික බලමුළු ක්‍රමානුකූලව ආසියානු මහාද්වීපයට මෙන්ම ශාන්තිකර කලාපයට හුවමාරු කර ගැනීමටත් වැඩි අවස්ථාවන් ද උදා කර දී ඇත.
එහිදී ලෝක සාමය ඇති කිරීමට මෙන්ම ආර්ථික සමෘද්ධිය ඇති කිරීමටත්, දශක ගණනාවක් මුළුල්ලේ චීනය ලබා ගත් අත්දැකීම් වඩාත් ඉවහල් වනු ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරයි.