කොප් 29 සැසිවාරය අසර්බයිජානයේ දී ඇරඹේ
2024-11-12 10:46:07
Share with:

කොප් 29 හෙවත් එක්සත් ජාතීන්ගේ කාලගුණ වෙනස්වීම පිළිබඳ  සම්මුති රාමුවට අයත් පාර්ශ්වවල 29 වන සැසිවාරය අසර්බයිජාන අගනුවර වන බාකු හිදී ඇරඹේ.ඊයේ (11) ඇරඹි  මෙවර සමුළුව  නව කාලගුණ වෙනස්වීම පිළිබඳ  දැනට පවතින අරමුදල වෙනුවට  නව අරමුදලක් ස්ථාපිත කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරයි.සංවර්ධිත රටවලින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් ඇමරිකා ඩොලර් බිලියන 100ක අරමුදලක් ස්ථාපිත කිරීම අපේක්ෂාවයි.

ලබන 22 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත සමුළුව ගෝලීය කාබන් වෙළදපොල , ‍‍ෆොසිල ඉන්ධනයන් හී සිට ගෝලීය බලශක්ති සංක්‍රමණය ඇතුළු තේමා පිළිබඳ අවධානය යොමු කරනු ඇත. හදිසි ප්‍රශ්ණ විසඳීමට නව ඉලක්ක කාර්යක්ෂම සහ ප්‍රමාණවත් විය යුතු බව කොප් 29 සභාපති අසර්බයිජාන ජෛව පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍ය මුක්තාර් බාබයෙව් මහතා සමාරම්භක සැසිවාරය අමතමින් පැවසීය. අදාළ ඉලක්ක,  අවශ්‍යතා සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමුඛතාවන් සැලකිල්ලට ලක්කරන්නක් විය යුතු බවද  හෙතෙම කියා සිටී.

නව ගෝලීය කාලගුණ මූල්‍ය ඉලක්කයන්‍ට සම්මුති පාර්ශ්වයන් අනිවාර්යයෙන් එකඟතාව පළ කළ යුතු බව එක්සත් ජාතීන්ගේ කාලගුණ වෙනස්වීම පිළිබඳ  සම්මුති රාමුවේ විධායක ලේකම්වරයා සඳහන් කරයි. ගෝලීය මූල්‍ය පද්ධතියේ ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් දැඩිව ක්‍රියා කරන කරන ලෙසට ද හෙතෙම ඉල්ලීමක් කළේය.‍

පැරිස් සම්මුතිය හා එක්සත් ජාතීන්ගේ  කාළගුණ වෙනස්වීම පිළිබඳ සම්මුතියට අනුව ගෝලීය උණුසුම්වීම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ රඳවා ගැනීම ඉලක්කයයි.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම