පොදු ඉරණමක් සහිත චීන-ලතින් ඇමරිකානු ප්‍රජාවේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි
2024-11-12 16:53:47
Share with:

පොදු ඉරණමක් සහිත චීන-ලතින් ඇමරිකානු ප්‍රජාවේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පොදු ඉරණමක් සහිත චීන-ලතින් ඇමරිකානු ප්‍රජාව ගොඩනැංවීමේ මුලපිරුම ඉදිරිපත් කර ගතවූ වසර 10 තුළ, සාරවත් ප්‍රගතීන් ලබා ගෙන ඇති බව Lin Jian මහතා පෙන්වා දුන්නේය. දෙරට ජනතාවට සුබ සිද්ධීන් ගෙන දී ඇති එම මුලපිරුම, ලතින් ඇමරිකානු හා කැරිබියන් කලාපවලට අයත් රටවල පුළුල් පැසසුමට ලක් වී ඇත. මේ යටතේ, චීනය ලතින් ඇමරිකානු රටවල් සමග සාමකාමී සහයෝගිතා තහවුරු කර ඇති අතර සංවර්ධනීය උපාය මාර්ග සම්බන්ධ කර ගනිමින් එකිනෙකාට ප්‍රතිලාභ බෙදා දීම සහතික කර ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම