ඇමරිකානු රජය අඛණ්ඩව තම රටට එරෙහිවී ඇතැයි ඉරානය කියයි
2024-11-12 10:32:04
Share with:

ගෙවී ගිය වසර 4 තුළ තම රටට එරෙහි ඇමෙරිකානු ප්‍රතිපත්ති අඛණ්ඩව පැවති බව ඉරානය පවසයි. ඇමරිකාව හා ඉරානය අතර සම්බන්ධතා පිළිබඳ අදහස් දක්වමින්, ඉරාන විදේශ අමාත්‍යංශය ඊයේ(11) මේ බව සඳහන් කළේය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඇතුළු ගැටළු සම්බන්ධයෙන්, ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා සිය මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වූ බව, ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Esmaeil Baghaei මහතා පැවසීය. ඇමරිකානු රජය ඊශ්‍රායලයට පූර්ණ සහයෝග ලබා දීම යනු කලාපයේ තත්ත්වය අඛණ්ඩව උග්‍ර කිරීමකි. වත්මන් ඇමරිකානු රජයට සිය ඉතිරි පාලන කාලය තුළ කලාපීය ගැටුම් උග්‍ර වීම වැළැක්විය හැකි බවත්, ගාසා තීරය සහ ලෙබනනය තුළ ඊශ්‍රායලය විසින් සිදුකරන අපරාධ නතර කළ හැකි බවත්, ඉරාන විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. නව ඇමරිකානු රජය එම වැරදි ක්‍රියාවන්ගෙන් පාඩම් ඉගෙන ගනු ඇති අතර, ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු වලට අනුකූලව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බවද , Esmaeil Baghaei මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම