Sun Yat-sen‍ විශ්වවිද්‍යාලයේ ශත සංවත්සරය වෙනුවෙන් චීන ජනපති සුබ පතයි
2024-11-12 15:16:32
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා, Sun Yat-sen‍ විශ්වවිද්‍යාලයේ ශත සංවත්සරය වෙනුවෙන් එහි සිසුන්ට සහ දෙස් විදෙස් ආදි සිසුන්ට ද සුබ පැතුම් පිරිනමා ඇත.

චීන නවීකරණයේ ප්‍රගමනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් චීන ලක්ෂණ සහිත ලෝක මට්ටමේ විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට Sun Yat-sen‍ විශ්ව විද්‍යාලය උත්සාහ කළ යුතු බව ඔහු එහිදී පැවසීය.

එමෙන්ම විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු, ප්‍රධාන ජාතික උපායමාර්ග සහ Guangdong-Hong Kong-Macao මහා බොක්ක ප්‍රදේශයේ සංවර්ධන අවශ්‍යතා සමඟ පෙළගස්වන ලෙස ද ෂී ජින්පිං මහතා විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා සිටියේය.

දකුණු චීනයේ Guangdong පළාතේ Guangzhou හි පැවති Sun Yat-sen‍ විශ්ව විද්‍යාලයේ සියවස් සංවත්සරය සැමරීමේ උත්සවය වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් එතුමා මේ බව සඳහන් කර ඇත.

1924 වසරේ දී ආරම්භ කරන ලද මෙම විශ්ව විද්‍යාලය, සිය වසර සියයක ඉතිහාසය තුළ විවිධ ක්ෂේත්‍ර හරහා 800,000ක පමණ වෘත්තිකයන් බිහි කර ඇත.

Sun Yat-sen විශ්ව විද්‍යාලය, චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨ පුරෝගාමියා වූ Sun Yat-sen මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද්දකි.

චීනයේ වසර 2000කට වැඩි වැඩවසම් පාලනය අවසන් කළ 1911 වසරේ විප්ලවයට නායකත්වය ලබා දුන්නේ ද Sun මහතා ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම