“ගෝලීය දකුණේ”මාධ්‍ය බුද්ධි මණ්ඩලයේ උසස් පෙළේ සාකච්ඡා මණ්ඩපයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (11) සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත.
චීනය සැමවිටම ගෝලීය දකුණේ සාමාජිකයෙකු වන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග චීනය සැමවිටම සිටින බවත් ෂී ජින් පිං මහතා එම පණිවුඩයෙන් කියා සිටී.ගෝලීය දකුණේ රටවල් සමග එක්ව, මානවයන්ගේ පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. පෙර නොවූ විරූ අයුරින් විවිධ වෙනස්වීම්වලට මුහුණ දී සිටින වත්මන් ලෝකය තුළ, නවීකරණය සාක්ෂාත් කිරීමට උත්සාහ දරමින්, ජාත්‍යන්තර පටිපාටිය පෙරට වඩා සාධාරණ මෙන්ම විධිමත් දිශානතියකට ප්‍රවර්ධනය කිරීම, ගෝලීය දකුණේ රටවල් වෙනුවෙන් භාර ගන්නා ඓතිහාසික වගකීමක් බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා මණ්ඩපයට එක්වූ ආරාධිතයන් සාකච්ඡා කරමින් පොදු එකඟතාවන්ට පැමිණෙනු ඇතැයි ද “ගෝලීය දකුණ” සාමය සුරක්ෂිත කිරීමේ ස්ථීර බලවේගයන් හා ගෝලීය පරිපාලනයේ ක්‍රියාකාරී ශක්තියක් බවට පත්වීම සඳහා එම ආරාධිතයන් සිය බුද්ධිමය දායකත්වය ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
“ගෝලීය දකුණේ”මාධ්‍ය බුද්ධි මණ්ඩලයේ උසස් පෙළේ සාකච්ඡා මණ්ඩපය ඊයේ බ්‍රසීලයේ St. Paulo හිදී ආරම්භ කෙරිණ. එම සාකච්ඡා මණ්ඩපය චීනයේ Xinhua පුවත් ඒජන්සිය හා බ්‍රසීලයේ සන්නිවේදන සමාගම විසින් ඒකාබද්ධව සංවිධාන කරනු ලැබිණ.බ්‍රසීල ජනාධිපතිවරයා ද එම සාකච්ඡා මණ්ඩපයට සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.