චීන-බ්‍රසීල සබඳතාවේ නව පරිච්ඡේදයක් එළඹෙනු ඇත
2024-11-12 17:00:24
Share with:

චීන සහ බ්‍රසීල ජනතාව අතර පවතින මිත්‍රත්වය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට සෑම විටම ශක්තියක් වී ඇත.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, චීන-බ්‍රසීල සබඳතා පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

චීන-බ්‍රසීල මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව Lin Jian මහතා පැවසීය. මීට වසර 200 කට පමණ පෙර, චීන තේ වගාකරුවන්ගේ පළමු කණ්ඩායම තේ වගා කිරීමේ ශිල්පීය ක්‍රම ඉගැන්වීම සඳහා සාගරය හරහා බ්‍රසීලයට ගොස් වපුරන ලද මිත්‍රත්වයේ බීජ දැන් කුලුනු සේ වර්ධනය වී ඵල දරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ බ්‍රසීලයේ එළැඹෙන රාජ්‍ය සංචාරය දෙරටේ ජනතාව අතර සබඳතා සහ සංස්කෘතික හුවමාරුව තවදුරටත් තර කර ගැනීමටත් චීනය සහ බ්‍රසීලය අතර කඳු සහ මුහුද දක්වා විහිදෙන මිත්‍රත්වයට නව පරිච්ඡේදයක් ලියවෙනු ඇති බවටත් විශ්වාස කරන බව Lin Jian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම