උතුරු කොරියා නායක Kim Jong-un මහතා මේ වසරේ ජූනි 19 වැනිදා පියොංයැංහිදී අත්සන් කරන ලද "කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව සහ රුසියානු සමූහාණ්ඩුව අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ ගිවිසුමට" එකඟත්වය පළ කරමින් ඊට අදාළ නියෝගයට ඊයේ(11) අත්සන් කළේ ය.
එහිදී දෙපාර්ශ්වයම සිය ජාතික නීති සහ ජාත්‍යන්තර වගකීම්වලට අනුව, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පවත්වා ගනිමින් අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ සමානාත්මතාවය ආදී වෙනත් මූලධර්ම මත පදනම්ව, දිගුකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කරන බව එම ගිවිසුමේ සඳහන් වේ. යුදමය තත්ත්වයන් වැළැක්වීම සහ කලාපීය මෙන්ම ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සහතික කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත්, ආරක්ෂක උපායමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමටත් දෙපාර්ශ්වය එහිදී සාකච්ඡා කර එකඟත්වයකට පැමිණ ඇත.
දෙපාර්ශ්වය අතර ගිවිසුම සහතික කිරීමේ නියෝග හුවමාරු වන දිනයේ සිට මෙම ගිවිසුම බලාත්මක වනු ඇත.