පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමටත් පෙර ජපන් අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි
2024-11-11 11:02:46
Share with:

ජපාන අගමැති  Shigeru Ishiba සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අද (11) ඉල්ලා අස්වී ඇත. ඒ පසුගිය මස පැවති ජපන් මහමැතිවරණයෙන් පසු එරට මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ය. අද (11) උදෑසන පැවති කැබිනට් රුස්වීමේ දී Shigeru Ishiba ඇතුළු කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කළහ. 

ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) සහ Komeito පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිමි වූයේ ද බහුතරයකට අඩු ආසන සංඛ්‍යාවකි. එබැවින් අද(11) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී අවිනිශ්චිත තත්ත්වයක් මතු විය හැකි බැවින් Shigeru Ishiba සහ ප්‍රධාන විපක්ෂය වන ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක Yoshihiko Noda අතර දෙවන තරගයකට යාමේ ඉඩක් ද පවතින බව වාර්තා වේ. වසර 30 කට පමණ පසු ජපානයේ මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම