අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස
2024-11-11 15:01:04
Share with:

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එළබෙන නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනෙන අතර, එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළත්ව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මුළු මන්ත්‍රීවරු ගණන 225කි.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනයේ දී විශේෂ කටයුතු රැසක් සිදුකිරීමට ඇති බවය.

එදින සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත පැවරෙන අතර කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම සහ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම ඇතුලු කටයුතු එදිනට යෙදී තිබෙන බව එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම