මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් ඇමති විජිතගේ නිරීක්ෂණයට
2024-11-10 16:04:25
Share with:
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් මහතා නිරීක්ෂණය කරයි. ඉදිකිරීම් ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2023 වසරේදී ය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 210කි. මංතීරු 4ක් සහිතව ඉදිකෙරෙන මෙම මාර්ගය පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන අතර එහි දුර කිලෝමීටර් 32.4කින් යුක්ත වේ.