චීන රජය Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ප්‍රසිද්ධ කරයි
2024-11-10 17:01:57
Share with:
චීන රජය Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ලකුණු අද(10) ප්‍රසිද්ධ කර ඇත. මෙය පිලිපීනය නිකුත් කළ ඊනියා ‘මුහුදු කලාප පනත’ට එරෙහි ප්‍රතිචාරයක් ද යන්න මාධ්‍යවේදියෙකු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයාගෙන් විමසීය.
Huangyan දූපත චීන දේශභූමියක් බව එම ප්‍රකාශකයා පැවසීය. චීන රජය ‘එක්සත් ජාතීන්ගේ සාගර නීති ගිවිසුම’ ඇතුළු ජාත්‍යන්තර නීති හා ‘චීන මහජන සමූහාණ්ඩුවේ සමුද්‍රීය දේශ සීමාව හා යාබද කලාප නීතිය’ට අනුව Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ සීමා මායිම් ප්‍රසිද්ධ කිරීම, සිය සාගර පාලනය නීත්‍යනුකූලව ශක්තිමත් කිරීමේ විධිමත් පියවරක් බවත් එය ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර රෙගුලාසීන්ට අනුකූල වන බවත් ඔහු පෙන්වා දී තිබේ.