ලෙබනනයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
2024-11-10 16:28:23
Share with:

ඊශ්‍රායල යුද ගුවන් යානා ලෙබනනයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට ඊයේ(09) දහවල් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇත.

දකුණු ලෙබනනයේ නගර සහ ගම්වලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 19ක් සහ නැගෙනහිර ලෙබනනයේ ගම්මාන සහ නගරවලට වැටලීම් 12ක් සිදු කෙරුණු බව ලෙබනන ආරක්ෂක අංශ සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව, දකුණු ලෙබනනයේ ප්‍රහාරවලින් අවම වශයෙන් පරිපූරක වෛද්‍යවරුන් හය දෙනෙකු මිය ගොස් සිවිල් වැසියන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර නැගෙනහිර ලෙබනනයේ පුද්ගලයන් 20ක් මිය ගිය බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම