IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට
2024-11-10 16:05:24
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සමාලෝචනය සිදු කිරීමට අපේක්ෂා කරන අතර අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීමට නියමිතය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම