Huangyan දූපත සම්බන්ධව චීන වෙරළාරක්ෂක බලකායෙන් නිවේදනයක්
2024-11-10 18:45:15
Share with:

Huangyan දූපත චීනය සතු භූමියකි. කාලයක සිට පිලිපීන හමුදාව හා පොලිසියට අයත් ගුවන් යානා හා නිල යාත්‍රා එම දූපත අසල මුහුදු හා ගුවන් ප්‍රදේශවලට නිතරම ඇතුළු වී තිබේ. එය චීනයේ ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව චීන වෙරළාරක්ෂක බලකා නිවේදනයේ දැක්වේ. එමෙන්ම Huangyan දූපතේ කලපුවේ සිට නීතිවිරෝධීව ධීවර කටයුතුවල නියුක්ත වීමට පිලිපීනය සිය ධීවර නෞකා දිරිමත් කර තිබේ. 

චීන මහජන සමූහාණ්ඩුවේ වෙරළාරක්ෂක නීතිය, ධීවර නීතිය මෙන්ම සාගර පාරිසරික සුරක්ෂිත නීතිය යන නීති හා රෙගුලාසිවලට අනුව, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය යන ජගත් නීති ද සලකා චීනයේ Huangyan දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ චීනය මුර සංචාර හා නීති බලාත්මක කිරීම ශක්තිමත් කරනු ඇති බව ද සඳහන් කර ඇත. අදාළ මුහුදු කලාපයේ විධිමත් පටිපාටිය සහතික කරමින් පාරිසරික තත්ත්වය  හා ජෛව සම්පත් සුරක්ෂිත කිරීමට චීන පාර්ශ්වය ස්ථිර ලෙස ක්‍රියා කරයි. චීන වෙරළාරක්ෂක බලකාය රටේ ස්වෛරීත්වය, සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරන බව ද එම නිවේදනයෙන් අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම