ස්වභාවික සම්පත්වලට අදාළ කටයුතු පිළිබඳ ෂී ජින් පිං මහතාගේ ප්‍රකාශ ඇතුළත් ග්‍රන්ථය එළි දැක්වේ
2024-11-10 19:50:41
Share with:

“ස්වභාවික සම්පත්වලට අදාළ කටයුතු පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රකාශ සංග්‍රහය " නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ග්‍රන්ථ පර්යේෂණ ඇකඩමිය විසින් සංස්කරණය කරන ලද එම ග්‍රන්ථය මධ්‍යම කාරක සභාවේ ග්‍රන්ථ ප්‍රකාශනායතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කෙරිණ. එය රට පුරා බෙදා හැරීම ද ආරම්භ වී තිබේ.

නව යුගයේ නව ගමනේ දී සම්පත් ධාරිතාව හා පාරිසරික හැකියාවට සරිලන සේ ආර්ථීක සහ සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යාම, උසස් මට්ටමේ සංරක්ෂණය මගින් උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය සහතික කිරීම, මානවයා හා සොබාදහම අතර සුසංගත සහජීවනයක් සහිත චීන මාදිලියේ නවීකරණය ගොඩනැගීම සඳහා, ෂී ජින් පිං මහතා ස්වභාවික සම්පත් පිළිබඳ කටයුතු කේන්ද්‍ර කරගනිමින් සිදු කළ ප්‍රකාශ වඩාත් වැදගත් අර්ථකථනයක් සපයා ඇත.

පසුගිය 2012 වසරේ දෙසැම්බර් මස සිට 2024 වසරේ ඔක්තෝබර් මස දක්වා කාල සීමාව තුළ ස්වභාවික සම්පත්වලට අදාළ කටයුතු පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් වාර්තා, දේශන, සුබ පැතුම් පණිවුඩ, ලිපි හා උපදෙස් ඇතුළත් ලිපි 150ක් පමණ එම ග්‍රන්ථයට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම