පිලිපීනයේ නව “අනීතික පනත්” පිටුපස සැඟවුණු දේශපාලන කුමණ්ත්‍රණය හෙළිදරව් කෙරේ
2024-11-10 16:08:24
Share with:

පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos Jr. පසුගිය 8 වැනිදා ඊනියා “මුහුදු කලාප පනත” සහ “දූපත් සමූහයේ මුහුදු මාර්ග පනත” සඳහා අත්සන් තැබීය. එම ඊනියා පනත්වලට අනුව චීනයේ Huangyan දූපත සහ Nansha දූපත් යන ප්‍රදේශවල ගල්පර හා අදාළ මුහුද ප්‍රදේශ වි‍ශාල ප්‍රමාණයක් නීති විරෝධිව පිලිපීන මුහුදු කලාපයට ඇතුළත් කර ඇත. පිලිපීනයේ මෙම පියවර, නීති විරෝධී “දකුණු චීන මුහුදේ බේරුම්කරණ නඩුවේ තාවකාලික බේරුම්කරණ අධිකරණ තීන්දුව” තහවුරු කිරීමේ ‍දේශපාලන කුමණ්ත්‍රණයක් බව පැහැදිලි වේ.

කෙසේ වෙතත්, පිලිපීනයේ මෙම උත්සහායෙන් අදාළ බේරුම්කරණය හා තීන්දුව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කිරීමේ සත්‍යය වෙනස් කළ නොහැකි ය. එම තීන්දුව පිළිනොගන්නා බව චීනය බොහෝ කලකට පෙර පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම තීන්දුව මත පදනම්ව පිලිපීනය සිදු කරන ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් චීනය පිළිගැනීමට කිසිදු සූදානමක් නැත.

චීනයේ අදාළ ගල්පර සහ මුහුදු ප්‍රදේශ තම අධිකරණ බල ප්‍රදේශයට අයත් කර ගැනීමේ පිලිපීනයේ ක්‍රියාව, එරට දිගුකාලීනව සිදු කළ දේශීය නීති සම්පාදනය හරහා සිය භූමිය පුළුල් කර ගැනීමේ අනීතික හැසීරීමේ තවත් නිදසුනකි. එය “ගොඩබිම මුහුදේ ආධිපත්‍යය දරයි” යන ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මය ද උල්ලංඝනය කර ඇත. ඊනියා “දූපත් සමූහයේ මුහුදු මාර්ග පනත” තුළ අන්තර්ගත සියලු කරුණු පාහේ ජාත්‍යන්තර නීති සහ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ යෝජනා සමග කිසිසේත්ම නොගැලපේ.

චීනයේ භෞමික ස්වෛරීත්වයට සහ සමුද්‍රීය අයිතීන්ට හානි කරන නීති විරෝධී ක්‍රියා මෙන්ම දකුණු චීන මුහුදේ ආරවුල් සහ අදාළ තත්ත්වය උත්සන්න කරන සියලු ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. පිලිපීනය එම අනීතික පනත් භාවිත කර තවදුරටත් දකුණු චීන මුහුදේ ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කරන්නේ නම්, ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ඇතැයි චීනය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම