පාකිස්ථානයේ දුම්රිය ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් 25ක් ජීවිතක්ෂයට
2024-11-09 18:21:56
Share with:

නිරිතදිග පාකිස්ථානයේ Quetta නගරයේ දුම්රිය ස්ථානයක අද(09) උදෑසන පිපිරීමක් සිදුව ඇත. ඉන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මියගොස් තවත් 56 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කුටි අසල මෙම පිපිරීම සිදුව ඇති අතර ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට මගීන් 100කට අධික පිරිසක් ඒ මොහොතේ පෝලිම්වල රැඳී සිට ඇති බව එරට ආරක්ෂක බලධාරීහු මාධ්‍ය වෙත පැවසූහ. මේ හේතුවෙන් නගරයේ සියලුම රෝහල්වල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රහාරය පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැති වුව ද මූලික විමර්ශනයේදී එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව හෙළිදරව් වී ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම