චීන උප අගමැති Ding Xuexiang මහතා සිංගප්පූරුවේ නිල සංචාරයකට එක්වීමට නියමිත ය. ඒ සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Gan Kim Yong මහතාගේ ආරාධනයකට අනුව ය. ඒ අනුව හෙතෙම නොවැම්බර් 10 සහ 11 දෙදින සිංගප්පූරුවේ සංචාරය කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(08) ප්‍රකාශ කළාය.
එහිදී චීන උප අගමැතිවරයා Gan Kim Yong මහතා සමග එක්ව චීන-සිංගප්පූරු ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා වන ඒකාබද්ධ කවුන්සිලයේ 20 වැනි රැස්වීම, චීන-සිංගප්පූරු Suzhou කාර්මික කලාපයේ ඒකාබද්ධ මෙහෙයුම් කවුන්සිලයේ 25 වැනි රැස්වීම, චීන-සිංගප්පූරු Tianjin පාරිසරික නගර සංවර්ධන කවුන්සිලයේ 16 වැනි රැස්වීම සහ චීන-සිංගප්පූරු Chongqing උපායමාර්ගික සම්බන්ධතා පිළිබඳ ආදර්ශන මුලපිරීමේ 8 වැනි රැස්වීමේ සම-මුලසුන දරනු ඇත.
මේ අතර අසර්බයිජාන ජනාධිපති Ilham Aliyev මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස Ding Xuexiang මහතා, නොවැම්බර් 12 සහ 13 යන දෙදින ලෝක නායකයින්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුව සඳහා සහභාගී වීමට අසර්බයිජානයට යාමට නියමිත බව ද Mao Ning මහත්මිය පැවසුවාය. නියෝජ්‍ය අගමැති Azerbaijan Shahin මහතාගේ ආරාධනයට ඔහු එරටේ නිල සංචාරයකට එක් වනු ඇති බව ද ඇය කියා සිටියාය.