ජනතාව වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
2024-11-09 17:18:00
Share with:
ජනතාව වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
ඉදිරියේදී නිර්මාණය කරනු ලබන පාර්ලිමේන්තුවට විෂයානුබද්ධ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරන බව අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියාය. අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගය නියෝජනය කරන දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.