චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනයේ විවෘතභාවය හා සහයෝගතාව පිළිබිඹු කරන විශිෂ්ට අවස්ථාවක්
2024-11-09 14:56:16
Share with:

චීනයේ ශැංහයි නගරයේ දී මෙවරත් හත් වැනි වරට පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ලොව සෑම රටකටම පාහේ අතිශය වැදගත් බව හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

ගෝලීය ආර්ථික ප්‍රගමනය මෙන්ම තාක්ෂණික සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන් හි දියුණුව අතින් ද බැලූ කල, ලොව රටවල් අතර ඉතා ඉහළ සංවර්ධනයක් ලබා ගනිමින් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන රටක් වන චීනය, සෙසු රටවලට ද සංවර්ධනයේ මාවත් විවර කරන්නට, මෙම ප්‍රදර්ශනය මනා තෝතැන්නක් කර ඇති බව ආශු මාරසිංහ මහතා පෙන්වා දී ඇත.

විශේෂයෙන් තවමත් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල දියුණුව සඳහා චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් ගත හැකි අවස්ථා අපමණ බව හෙතෙම පෙන්වා දෙයි.

මෙලෙස චීනය සිය රටෙහි විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය ‍විශාල වෙළඳපොල හරහා ලොව සෙසු රටවලට ලබා දෙන අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට සෑම රටක්ම ක්‍රියා කළ යුතු බව ද හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අවධාරණය කර ඇත.

එමෙන්ම මෙම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, තම රටෙහි විවෘතභාවය පුළුල් කිරීම හා සහයෝගතාව පිළිබඳ චීනයේ ගැඹුරු ප්‍රතිඥාව සමස්ත ලෝකය වෙත පිළිබිඹු කරන විශිෂ්ට අවස්ථාවක් බවද ආශු මාරසිංහ මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම